SORT LYRICS BY NAME:

Meedumen Wasi - Bathiya n Santhush

මීදුමෙන් වැසී - භාතිය සන්තුෂ්

මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී

ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලී

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ

මීදුමෙන් වැසී කදුයාය සලිත වී…
Song title: Meedumen Wasi The author: Unknown The singer: Bathiya N Santhush Submitted by: Site Administrator