SORT LYRICS BY NAME:

Nan Suran - Bandara Athawuda

නන් සුරන් - බණ්ඩාර අතාවුද

නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී
මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී

දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැලේ හදවත් අපේ
මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතු දරුවන් ලෙසේ
පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ

නන් සුරන්...
Song title: Nan Suran The author: Unknown The singer: Bandara Athawuda Submitted by: Site Administrator