SORT LYRICS BY NAME:

Ran Palase Wathiri - Athula Adikari

රන් පලසේ වැතිරී - අතුල අධිකාරී

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා..
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා..

ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී..

රන් පලසේ වැතිරී...

කුමරියේ ඔබෙ හදවත ලඟ ඇත
සිත මගේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ..

රන් පලසේ වැතිරී...
Song title: Ran Palase Wathiri The author: Unknown The singer: Athula Adikari Submitted by: Site Administrator