SORT LYRICS BY NAME:

Madura Wasanthe - Athula Adikari with Samitha Mudunkotuwa

මධුර වසන්තේ - අතුල අධිකාරී සමග සමිතා මුදුන්කොටුව

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා

දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා...

කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා...

මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා //
Song title: Madura Wasanthe The author: Unknown The singer: Athula Adikari With Samitha Mudunkotuwa Submitted by: Site Administrator