Geethayak See - Asanka Priyamantha
ගීතයක් සේ - අසංක ප්‍රියමන්ත
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක...//
මා හැරදමා ගිය මියුලැසී...
හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ..
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී...
ගීතයක් සේ...//
හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී...
ගීතයක් සේ...//
Song title: Geethayak See
The author: Unknown
The singer: Asanka Priyamantha
Submitted by: Site Administrator