SORT LYRICS BY NAME:

Kalee Gahaka Mal - Amaradewa W.D

කැලේ ගහක මල් - අමරදේව W.D.

කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බඹරුන් රොණට වඩිනවා
මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා

ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක්‌ මට ඉන්නට දෙන්නේ
Song title: Kalee Gahaka Mal The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator