SORT LYRICS BY NAME:

Irata Muwaaven Indagena - Amaradewa W.D

ඉරට මුවාවෙන් ඉඳගෙන - අමරදේව W.D.

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා

පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා
පීදෙන මල් පෙති විහිදා මුකුළු කරනවා
සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ හෙලවෙන තාලෙට රහස්‌ කියනවා

මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගන් ඇද හැලීලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා
Song title: Irata Muwaaven Indagena The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator