SORT LYRICS BY NAME:

Anothaptha Wila - Amaradewa W.D with Amitha Wadisinghe

අනෝතප්ත විල - අමරදේව W.D. සමග අමිතා වැදිසිංහ

අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා
එරන්දතිය එනවා..

සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා..

කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලය ගිරෙන් සිතුවිලි සේනාගෙන...//
වරගන පිරිවරිනා
එරන්දතිය එනවා...

අනෝතප්ත විල...//

නලලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙලාලා..//
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා..

අනෝතප්ත විල...//
Song title: Anothaptha Wila The author: Sunil Sarath Perera The singer: Amaradewa W.d With Amitha Wadisinghe Submitted by: Site Administrator