SORT LYRICS BY NAME:

Ralakin Thaniwi - Abeywardana Balasuriya

රැලකින් තනි වී - අබේවර්ධන බාලසූරිය

රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්රේළමේ..

හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ..

රැලකින් තනි වී...

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා

රැලකින් තනි වී...
Song title: Ralakin Thaniwi The author: Premakeerthi De Alwis The singer: Abeywardana Balasuriya Submitted by: Site Administrator