SORT LYRICS BY NAME:

Adawan Daasin - Victor Rathnayake

අඩවන් දෑසින් - වික්ටර් රත්නායක

අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි

අඩවන් දෑසින්... //

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
නංවන රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින්...//
Song title: Adawan Daasin The author: Unknown The singer: Victor Rathnayake Submitted by: Site Administrator