SORT LYRICS BY NAME:

Bidunu Atheethaya Sihikarala - Thushara Subhasinghe

බිඳුනු අතීතය සිහිකරලා - තුෂාර සුභසිංහ

බිඳුනු අතීතය සිහිකරලා..
කඳුළු පුරෝගෙන හඬන්නෙපා..
පමාවෙලා අපි හමුවීලා..
මා යලි පතන්නෙපා..
මට ද මා හිමි නැති හින්දා...//

කඳුළු සලා ඉකිබිඳලා
ඔය නිල් ඇස්දෙක රතුකරලා..
සිහිල සොයා අපි සමුගත්තා
නොදැනිම දස වසරක් ගෙවිලා
යලි එක තැන හමුවීලා
මට නම් වෙන්න එපා..
මට ද මා හිමි නැති හින්දා..

බිඳුනු අතීතය සිහිකරලා...

සිහින පුරා ඔබ එනවා..
නින්දක් නෑ මුළු රැයගෙවිලා..
ආයෙත් එන්නට බෑ පියඹා..
ඇයට මගේ හිත දුන් හින්දා..
කඳුලට නැවතුම තියලා
අමතක කරන්න මා..
මට ද මා හිමි නැති හින්දා...

බිඳුනු අතීතය සිහිකරලා...
Song title: Bidunu Atheethaya Sihikarala The author: Kasun Premal The singer: Thushara Subhasinghe Submitted by: Site Administrator