SORT LYRICS BY NAME:

Aalakamanda - Surendra Perera with Uresha Ravihari

ආලකමන්දා - සුරේන්ද්‍ර පෙරේරා සමග උරේෂා රවිහාරි

ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

දහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ

ඇසුවෙම් වරුණා දැකුමට ආවා
බෝ දුර ගෙවා දුර ගෙවා
බෝ දුර ගෙවා දුර ගෙවා
කෝ මට මොනවද දෙන්නේ

ඇසු දුටු පමණට සිහි මොළ සිඳුණද
සීගිරි පුරේ ගිරි පුරේ
සීගිරි පුරේ ගිරි පුරේ
ලියවිලි බිය හඳුණන්නේ

ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

මින් පෙර නොදුටුව නූතන නගරෙට
හා හා පුරා හා පුරා
හා හා පුරා හා පුරා
කැන්දන් යන්නම් ළඳුණේ

පබ නොබඳිනු මැන අහසට මාළිග
මා නම් නොවේ මා නොවේ
මා නම් නොවේ මා නොවේ
නිරිඳුට පිටුපා යන්නේ

ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

දහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ
Song title: Aalakamanda The author: Unknown The singer: Surendra Perera With Uresha Ravihari Submitted by: Site Administrator