SORT LYRICS BY NAME:

Oba Maa Hamuwuda - Sashika Nisansala

ඔබ මා හමුවුනදා - සශිකා නිසංසලා

ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා..

සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා..
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා…
Song title: Oba Maa Hamuwuda The author: Shehan Galahitiyawa The singer: Sashika Nisansala Submitted by: Site Administrator