SORT LYRICS BY NAME:

Seetha Maruthe - Ruwan Hettiarachchi

සීත මාරුතේ - රුවන් හෙට්ටිආරච්චි

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ.......

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ........
Song title: Seetha Maruthe The author: Unknown The singer: Ruwan Hettiarachchi Submitted by: Site Administrator