SORT LYRICS BY NAME:

Monawada Muththe - Rohana Weerasinghe

මොනවද මුත්තේ මොකද කරන්නේ - රෝහණ වීරසිංහ

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි..//

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද..
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට..
පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස..

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි..

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි..//
Song title: Monawada Muththe The author: Mahinda Himi S The singer: Rohana Weerasinghe Submitted by: Rasika Sandun Madhushanka