SORT LYRICS BY NAME:

Ekama Magaka - Priya Suriyasena

එකම මගක - ප්‍රියා සූරියසේන

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

වැලේ පිපුණ මල නොවේ වැලට බර
බිගුන් සලාවී පැතුම් මවා
සිතේ රැදුනු පෙම නොවදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන්් පලා

එකම මගක පියවර මැන යන්නය

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවි කැළුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ
කුසුම් පිපේවා පවන් සලා

එකම මගක පියවර මැන යන්නය
Song title: Ekama Magaka The author: Unknown The singer: Priya Suriyasena Submitted by: Site Administrator