SORT LYRICS BY NAME:

Maa Neth Kadalle - Milton Mallawarachchi

මා නෙත් කැදැල්ලේ - මිල්ටන් මල්ලවාරච්චි

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා ...//

බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා...//
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි...
සුවඳ උලා...

මා නෙත් කැදැල්ලේ....

අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා...//
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ...
පහන නිවා...

මා නෙත් කැදැල්ලේ....
Song title: Maa Neth Kadalle The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator