SORT LYRICS BY NAME:

Akikarui Himiyane - Malani Bulathsinhala

අකීකරු හිමියනේ - මාලනී බුලත්සිංහල

අකීකරු හිමියනේ..
මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...

මධු මතින් ගත රැදුණු
නෙතු යුගල මට දෙන්න..
සෙහෙහසේ සිහිල් නිල්
දියෙන් පුරවාලන්න
අකීකරු හිමියනේ...

බඹර හිස සතපන්න
හද යහන සදන්නට
ප්‍රේමයේ නාමයෙන්
මදක් අවසර දෙන්න
අකීකරු හිමියනේ...

මධු විතින් නොනිමි දුක්
කුණාටුව මට දෙන්න
යලිදු හෙට උදෑසන
මලක් සේ පිබිදෙන්න
අකීකරු හිමියනේ...

මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...
Song title: Akikarui Himiyane The author: Saman Athawudahetti The singer: Malani Bulathsinhala Submitted by: Site Administrator