SORT LYRICS BY NAME:

Oba Matatharuwaki - Lakshman Wijesekara with Nirmala Ranathunga

ඔබ මට තරුවකි - ලක්ශ්මන් විජේසේකර සමග නිර්මලා රණතුංග

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //

උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා //
යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..
Song title: Oba Matatharuwaki The author: Kumaradhasa Saputhanthree The singer: Lakshman Wijesekara With Nirmala Ranathunga Submitted by: Site Administrator