SORT LYRICS BY NAME:

Maa Innam Geetha Sansaaree - Jothipala H.R

මා ඉන්නම් ගීත සංසාරේ - ජෝතිපාල H.R.

මා ඉන්නම් ගීත සංසාරේ
හංගා වේදනාවෝ
මේ මා නොගැයූ මගේම කතන්දරේ
නෑසේදෝ මට රහසේ හඬන්න පැතුම් හදේ //

සුසුමින් මා කඳුලින් මා
ඔබ හමුවේ බිහිවූවා ගීතේ
ජීවිතේ වියෝග කතන්දරේ
නෑසේදෝ මට රහසේ
හඩන්න පැතුම් හදේ
සිනාසෙන සඳ එදා මා
හිනැහුණා මුළු ලොව මා හා
හඞන දා මා හුදෙකලාවේ ලඟ ඉන්නේ

නිමල සුන්දර මායාවේ
අග්නි ජාලා සැඟවෙන්නේ
කවුරු හෝ නෑ ඔබට මිස තනිවූදා - මා ඉන්නම්...

නිහඞ මැදියම් රෑ යාමේ
ඈත මීදුම් කඳු නිම්නේ
මට කතාකළ එවන් කට හඞ
ඔබ නේදෝ හිරුත් සඳ තරු හැංගිලා
දෑල ගන්තෙර තනිවීලා
එහා ඉවුරේ මෙහා ඉවුරේ අපි දෙන්නා- මා ඉන්නම්...
Song title: Maa Innam Geetha Sansaaree The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator