SORT LYRICS BY NAME:

Waasanaawa Gora Aralaa Balanwa - Jothipala H.R

වාසනාව දොර ඇරලා බලනවා - ජෝතිපාල H.R.

වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා

ඇසට ඇසක්‌ රැස්‌ වැදී
හිතක නෙළුම් මල් පිපි
මුළු ලෝකේ මගුල් ගෙයක්‌ වේ
සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ //
දුක ශෝකේ යයි ඇතක පාවීලා

සිහින තොටිල්ලේ වැදී
දෑස ආදරෙන් හිඳී
පෙම් ලෝකේ රන් තොරන් බඳී
සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ //
දුක ශෝකේ යයි ඇතක පාවීලා
Song title: Waasanaawa Gora Aralaa Balanwa The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator