SORT LYRICS BY NAME:

Ira Mudune Girawunge Kalabale - Indrani Perera

ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ - ඉන්ද්‍රාණි පෙරේරා

ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ
කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ…

සුදු පාවඩ එලලා මාවත රඹ තොරන් බැදී
සතර දිගන්තේ අඩ පිරුවට වගේ දිලේ..//
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...

ඉර මුදුනේ......

රන් පොරු මස්තකේ දෑගිලී රන් හුයෙන් බැඳී
කිඳුරු දිසා ඒ මඳු සඳේ ඔමරි කර ලෙසේ...//
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...

ඉර මුදුනේ......
Song title: Ira Mudune Girawunge Kalabale The author: Sunil Ariyarathna The singer: Indrani Perera Submitted by: Site Administrator