SORT LYRICS BY NAME:

Ananda Mee Raa - Harun Lanthra with Sujatha Aththanayaka

ආනන්ද මේ රෑ - හරූන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ
ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ.

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ..

කියන්න වාගේ
අහන්න හැකි දේ
කියාවි දෙනෙතින්
ඔයාගෙ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝකෙ නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ..
Song title: Ananda Mee Raa The author: Siril Silawimala The singer: Harun Lanthra With Sujatha Aththanayaka Submitted by: Site Administrator