SORT LYRICS BY NAME:

Paatin Paata Awula - Harsha Dhanosh

පාටින් පාට අවුලා - හර්ෂ ධනෝෂ්

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

හිත් බිතුවේ හිස් අවකාශයේ
තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ
කටු සටහන් කල රෑපාශයේ
සිරවේ මා ආදර ක්ලේෂයේ

පාටින් පාට අවුලා...

සඳ රවටා සුදු පැහැ ගමි සොරා
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ

ලෝකයම ගෙන අඳිමි
ඇය මනාවා
ඒ නැමදුම් මගහැරැණි
පෙම් හිනාවා

පාටින් පාට අවුලා...
Song title: Paatin Paata Awula The author: Gihan Rodrigo The singer: Harsha Dhanosh Submitted by: Site Administrator