SORT LYRICS BY NAME:

Viduli Mini Pahan - Gunadasa Kapuge

විදුලි මිණි පහන් - ගුණදාස කපුගේ

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ //

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ //

පුරාගෙන පිරූ හිතේ
විසුළු කෙලි නැටුම් සිනා
බලා ඇස යොමන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා //

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී
Song title: Viduli Mini Pahan The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator