SORT LYRICS BY NAME:

Sabadha Api Kandu Nowemu - Gunadasa Kapuge

සබඳ අපි කඳු නොවෙමු - ගුණදාස කපුගේ

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්‌ස වෙමු
දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඞහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
Song title: Sabadha Api Kandu Nowemu The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator