SORT LYRICS BY NAME:

Sudu Nanda Ay - Gunadasa Kapuge

සුදු නැන්දා ඇයි - ගුණදාස කපුගේ

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ//

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ//

තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා...
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා/
Song title: Sudu Nanda Ay The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator