Mee Mal Yaye - Edward Jayakody
මේ මල් යායේ - එඩ්වඩ් ජයකොඩි
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..//
මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා..
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා..
මේ මල් යායේ...
සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා..
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..
මේ මල් යායේ... //
Song title: Mee Mal Yaye
The author: Hemasiri Halpita
The singer: Edward Jayakody
Submitted by: Site Administrator