SORT LYRICS BY NAME:

Ahasa Numba Metharam - Deepika Priyadarshani

අහස නුඹ මෙතරම් - දීපිකා ප්‍රියදර්ශනී

අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි..//

රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුනිද..

අහස නුඹ මෙතරම්...//

නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද..

අහස නූඹ මෙතරම්...//
Song title: Ahasa Numba Metharam The author: Unknown The singer: Deepika Priyadarshani Submitted by: Site Administrator