SORT LYRICS BY NAME:

Sitha Oba Paamula - Deepika Priyadarshani

සිත ඔබ පාමුල - දීපිකා ප්‍රියදර්ශනී

සිත ඔබ පාමුල සතපා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා..//

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සඳා රැදේ‍වා...ඔබේ ලොවේ

සිත ඔබ පාමුල...//

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ

සිත ඔබ පාමුල...//
Song title: Sitha Oba Paamula The author: Kularathna Ariyawansha The singer: Deepika Priyadarshani Submitted by: Site Administrator