SORT LYRICS BY NAME:

Pem Paata Wela - Chillie Thilanka

පෙම් පාට වෙලා - චිලී තිලංක

පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
බලා උන්නු කාලේ දැන් උදා වෙලා

වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුම් වත් කළා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................

හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබඳේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................

පෙම් පාට වෙලා..........................

Song title: Pem Paata Wela The author: Unknown The singer: Chillie Thilanka Submitted by: Site Administrator