SORT LYRICS BY NAME:

Ahas Gabe Tharu Kata Gaane - Charitha Priyadharshani Peiris

අහස් ගැඹේ තරු කැට ගානේ - චරිතා ප්‍රියදර්ශනී පීරිස්

අහස් ගැඹේ තරු කැට ගානේ..
පොළෝතලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..//

වඳුළු සිරස පිපි මල්ගානේ
විහඟ තුඩක කිචි බිචි ගානේ..//
සිහිල සිඹින මදනල ගානේ
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරුකැට...

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..//
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි මං ආදරෙයි..

අහස් ගැඹේ තරු කැට...
Song title: Ahas Gabe Tharu Kata Gaane The author: Unknown The singer: Charitha Priyadharshani Peiris Submitted by: Site Administrator