SORT LYRICS BY NAME:

Oya Hinda Man Winda - Chandrasena Hettiarachchi

ඔයා හින්දා මං වින්දා - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..

වෙනස්වී - දුකක්දී
ළඟින් ඈ දුරස් වී..

මා ඔබේ කියලා, දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ..
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..

කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ..
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..

Song title: Oya Hinda Man Winda The author: Unknown The singer: Chandrasena Hettiarachchi Submitted by: Kavindu Malshan