SORT LYRICS BY NAME:

Muthu Kandulin - Chandrasena Hettiarachchi

මුතු කඳුලින් - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //

මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //
Song title: Muthu Kandulin The author: Unknown The singer: Chandrasena Hettiarachchi Submitted by: Site Administrator