SORT LYRICS BY NAME:

Sellam Gee - Chandrasena Hettiarachchi

සෙල්ලම්ගේ - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

සෙල්ලම්ගේ පාළුවෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ

චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා

බිංකුන්ඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාම රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු
අතුරු මිතුරු දඹදිව තුරු කිව්ව පුතා මං
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා
Song title: Sellam Gee The author: Unknown The singer: Chandrasena Hettiarachchi Submitted by: Site Administrator