SORT LYRICS BY NAME:

Sumudu Walawaka - Chandana Liyanarachchi

සුමුදු වලාවක - චන්දන ලියනආරච්චි

සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //

සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා //
එපා හිඳින්නට
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා

සුමුදු වලාවක ..

බඹර තුඩට සුව
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි //
සොඳුරු සිතක හැඩ
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි

සුමුදු වලාවක..
Song title: Sumudu Walawaka The author: Unknown The singer: Chandana Liyanarachchi Submitted by: Site Administrator