SORT LYRICS BY NAME:

Sithuwili Siravi - Bandara Athawuda

සිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා...
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ...

සිතුවිලි සිරවී...//

මිලාන වූ මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කදුළු දකී...

සිතුවිලි සිරවී...//
Song title: Sithuwili Siravi The author: Unknown The singer: Bandara Athawuda Submitted by: Site Administrator