SORT LYRICS BY NAME:

Channa Kinnarav - Bachi Susan

චන්න කින්නරාවී - භාචි සුසාන්

ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු ගමනේ...
මෘදු සිනිදු දෙපා රිදෙනා - වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ - චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ - චන්න කින්නරාවී...

ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...

සඳ නිවී ගිය රාත්‍රියේ - තාරකා ගොළුව ඝන අදුරේ...
ලය මතින් වැතිරී - සොදුරු හීනයට ඉඩදී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී....
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
හිනැහෙන්න පුළුවන්දෝ - චන්න කින්නරාවී...
Song title: Channa Kinnarav The author: Unknown The singer: Bachi Susan Submitted by: Site Administrator