SORT LYRICS BY NAME:

Supipena Malin - Amitha Wadisinghe

සුපිපෙන මලකින් - අමිතා වැදිසිංහ

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ //
නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා //
සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //
Song title: Supipena Malin The author: Unknown The singer: Amitha Wadisinghe Submitted by: Site Administrator