SORT LYRICS BY NAME:

Iki Gasa Handana - Amarasiri Pieris

ඉකි ගසා හඬන - අමරසිරි පීරිස්

ඉකි ගසා හඬන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා

හීනේන හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා
Song title: Iki Gasa Handana The author: Unknown The singer: Amarasiri Pieris Submitted by: Site Administrator