SORT LYRICS BY NAME:

Sneehayee Nagarayai - Amarasiri Pieris

ස්නේහයේ නගරයයි - අමරසිරි පීරිස්

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් ඕන වූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙමි
පූජනීයයි උතුම් ආදරේ...

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
Song title: Sneehayee Nagarayai The author: Unknown The singer: Amarasiri Pieris Submitted by: Site Administrator