SORT LYRICS BY NAME:

Soduriya Kaalaya Kotharam Napuruda - Amarasiri Pieris

සොඳුරිය කාලය කොතරම් නපුරුද - අමරසිරි පීරිස්

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුකසේ ගළපාගත්
කවිය ඔබම වී නැළවුණු යුගයක
හද රැඳි ඒ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය

ලොවට හොරා විලිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
Song title: Soduriya Kaalaya Kotharam Napuruda The author: Unknown The singer: Amarasiri Pieris Submitted by: Site Administrator