SORT LYRICS BY NAME:

Asee Mathuwana - Amaradewa W.D

ඇසේ මතුවන - අමරදේව W.D.

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැලැවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්...//

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ //
සොයා ආවෙම් පොලෝ තලයේ...//
අනේ පිහිටක් නොමැති වූ විට

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...

ඉහල නිල්වන් අහස ‍විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බණ //
මගේ නෙත සිත මෝහනය කර...//
මගේ කුදුබ‍ව පසක් කර ඇත

ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...
Song title: Asee Mathuwana The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator