SORT LYRICS BY NAME:

Muni Siri Paa Simbiminne - Amaradewa W.D

මුණි සිරිපා සිඹිමින්නේ - අමරදේව W.D.

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැලැවෙන්නේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන් ගෙ අතේ
නැළවෙනෙ බව සිතනු පුතේ
නිදහස්‌ හිරු පායනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරිලක්‌ මව හිනැහෙනවා
මගේ පුතා නැළවෙනවා

කැප්පෙටිපොළ සෙනවිසුරු
කළ රුපු සෙන් මන් දැදුරු
අවිරු විකුම් පෑ අයුරු
නුඹට පුතේ වෙයි මියුරු
ජාතිය රන් විමනක්‌ වේ ආගම මිණි පහනක්‌ වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
Song title: Muni Siri Paa Simbiminne The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator