SORT LYRICS BY NAME:

Mihiriyee Gami Landee - Amaradewa W.D

මිහිරියේ ගැමි ළඳේ - අමරදේව W.D.

මිහිරියේ ගැමි ළඳේ
මිහිරියේ ගැමි ළඳේ

කැලේ මල් සුවඳ මුසු මිහිර දෙන නව උදේ
පැන් පුරා කළය ගෙන තබා ඔබ මුදු බඳේ
අහිංසක මුව දෙනක ගුණය රැඳවූ හදේ
උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ

ඔබ මුහුණු දකින් විට නොපිපි වන මල් පිපේ
කියඹු වැල් මා බලා ඔබේ නළලත හැපේ
ඔබ නිසාමයි ළඳේ ගමට මෙපමණ ඔපේ
උදෑසන මුණ ගැසුම පමණි මට ඇති සැපේ

ඔබ දකිනු හැර අනෙක්‌ සම්පතක්‌ මට නැති
මුළු සොබාවික ලොවම දිගැස්‌ යුවළට ගැති
දවස සරුවට ඔබේ එක හිනාවක්‌ ඇති
රැගෙන ආ නව එළිය මගේ ගමට සඳවතී
Song title: Mihiriyee Gami Landee The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator