SORT LYRICS BY NAME:

Jagadhanandana Maha Kaarunika - Amaradewa W.D

ජගදානන්දන මහා කාරුණික - අමරදේව W.D.

ජගදානන්දන මහා කාරුණික
සිරසවන්දන ශීල ගුණෝපිත
අනූපමේය වූ එවන් නාමයට
නමස්‌කාර වේවා

අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌
කේතු මාලාවෝ
මොහඳුර විනිවිද තිමිර පටල බිඳ
භවාග්‍රයේ විහිදෙන යාමේ
සවනේ ගෙවා දත් මහා ඥාණයට
නමස්‌කාර වේවා

මහී තලය මත සදා සරණ බඳු
දයා සමුදාවෝ
ගලා බසින සඳ නිවා අග්නි කඳ
පුදා ප්‍රණාමය පා මඬලේ
පාරමී පූරිත විපුල වීර්යට
නමස්‌කාර වේවා
Song title: Jagadhanandana Maha Kaarunika The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator