SORT LYRICS BY NAME:

Bambareku Anduwa - Abeywardana Balasuriya

බඹරෙකු ඇඬුවා - අබේවර්ධන බාලසූරිය

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා..

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා..

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා..

බඹරෙකු ඇඬුවා..

Song title: Bambareku Anduwa The author: Unknown The singer: Abeywardana Balasuriya Submitted by: Site Administrator