SORT LYRICS BY NAME:

Epaa Thawa Oba - Wasantha Thilakangani

එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී

එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ...
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ...

එපා තවත් ඔබ මා...//

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ...
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...

එපා තවත් ඔබ මා...//
Song title: Epaa Thawa Oba The author: Bandula Nanayakarawasam The singer: Wasantha Thilakangani Submitted by: Site Administrator