SORT LYRICS BY NAME:

Amma Nathi Mata - Victor Rathnayake

අම්මා නැති මට - වික්ටර් රත්නායක

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ...

අම්මා නැති මට...//

මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

අම්මා නැති මට...//
Song title: Amma Nathi Mata The author: Unknown The singer: Victor Rathnayake Submitted by: Site Administrator