SORT LYRICS BY NAME:

Kalee Pipunu Malak - Unknown

කැලේ පිපුණු මලක් - Unknown

කැලේ පිපුණු මලක් විලස ඇගේ රූ සිරි දිළෙනා
ඇළේ දොළේ පෙණ පිඩු ඇගෙ සිනා වතින් සැළෙනා
කැලේ එපිට ඈත රටක ගවු සිය ගවු දුරිනා
සිදාදියෙන් එමල සොයා කවුදෝ එනු ඇසෙනා

සිදාදියේ මන්දිරයක සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙනයන රහස්‌ කතා ඇසෙනා

සිදදියේ මන්දිරයක බැළ මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ නෙත කඳුලැලි සැළෙනා

හදේ නැඟෙන ගිනි දැල්ලක්‌ ඇගෙ රන් බඳ වෙළනා
කැලේ පිපුණු සොඳුරු මලට නැතිදෝ රැකවරණා
Song title: Kalee Pipunu Malak The author: Unknown The singer: Unknown Submitted by: Site Administrator